පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සඳහා නව ආයෝජන සිදු කිරීමට තායිලන්තයේ ප්රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන සියාම් සිටි ආයතනය කැමැත්ත පළ කළ බව ජනාධිපති කාර්යාලය පැවසීය.
එහි ප්රධාන විධායක නිලධාරී සිවා මහාසඳන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද(09දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මුණගැසී ඇති අතර, එහිදී මේබව සඳහන්කර තිබේ.
ශ්රීලංකාවේ ආර්ථික වේගය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදුකරන ආයෝජන කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවද ජනාධිපතිකාර්යාලය සඳහන්කළේය.
ශ්රීලංකාවේ තායිලන්ත තානාපතිවරයාද මෙම අවස්ථාවට සහභාගි විය.