පදික වේදිකාව අවහිර වන පරිදි සහ මහජනතාවට පීඩාවන ආකාරයට හැසිරෙමින් සිඟමනේ යෙදුණු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බම්බලපිටිය පොලීසිය කටයුතු කළේය.
සිඟමනේ යෙදුණු 11 දෙනා ඊයේ (20දා) කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් අධිකරණයේදී වරද පිළිගැනීම නිසා ඔවුන්ට රැපියල් 200 බැගින් වූ දඩ නියම කෙරිණි.
මංමාවත් ආඥා පනත යටතේ බම්බලපිටිය පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබිණි.