සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය කියය.
ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකො යන්ත්‍ර යොදා එලිපෙහෙලි කිරීම නිසා සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතින බවත් ඔවුහු කියති.
ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා කුඩව සහ කොස්ගුලන අතර සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරුපාරක් භාවිතා කර තිබෙන බවත් එහෙයින් පාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගනනාවකට බරපතල හානි සිදුවී ඇතැයිද එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.