කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවු පිපුරුමෙන් පීඩාවිඳින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපුරුම සිදුවී දැනට මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් එම ප්‍රදේශයේ ජනතාව මේ දක්වාත් බලාපොරොත්තු සුන් වු පිරිසක් ලෙස ජීවත් වන බව නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත.
එමෙන්ම එම ජනතාව සමග ඉහළ මට්ටමේ නායකයන් සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බව ද කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.