දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (සාර්ක් සංවිධානයේ ) අමාත්‍ය මණ්ඩලයේ 35 වැනි සැසිවාරය හා ඊට පෙර රැස්වීම් අද (17දා) සිට 20 වැනිදා දක්වා මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ශ්‍රී ලංකාවෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගි වෙති. ඇෆිගනිස්ථානය, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශ, භුතානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන සංවිධානයේ සාමාජික රටවල් 8 හි විදේශ ඇමතිවරු ඊට සහභාගි වෙති.
මෙවර සැසිවාරයෙ තේමාව ‘කලාපීය ප්රත්යස්තිථිතිය කරා’ යන්නයි. ඒ අනුව අමාත්‍යවරුන් දිළිඳුකම පිටුදැකීම, කෘෂිකර්මය සහ ආහාර සුරක්ෂිතතාව, දේශගුණික වෙනස්වීම් සහ පරිසරය, අධ්‍යාපනය, සම්බන්ධතා, වෙළෙඳාම සහ මූල්‍ය, සෞඛ්‍යය, ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම, සාගර ආරක්ෂාව හා මුහුදු කොල්ලකෑම්, බලශක්ති අවශ්‍යතා සහ සමාජීය අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම ඇමතිවරු සාමාජික රටවල් 8 අතර සහයෝගිතාව වර්ධනය පිණිස මෙම ගැටලු සහ වෙනත් පියවර කෙරෙහි අවධානය යොමු කරති. සාර්ක් ක්‍රියාවලිය එහි ප්රඥප්තියේ සඳහන් පරමාර්ථ පරිදි සමස්තයක් ලෙස ප්‍රවර්ධනය පිණිස සාර්ක් යාන්ත්‍රණ සහ තීන්දු ගැනීමේ ක්‍රමය ශක්තිමත් කිරීමට ඇති අධ්‍යයනයක් ඔවුහු ඇගයීමට ලක්කරති.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කලාපයේ ආර්ථික සහ සමාජීය සංවර්ධන ව්‍යාපෘති වේගයෙන් ක්‍රියාවට නැංවීමේ මාවතකට ගෙනඒම පිණිස ඇති හැකියාව සාකච්ඡා කිරීමට නියමිතය. එවිට සාර්ක් සංවිධානයට කලාපයේ ජනතාවගේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් අවබෝධ කර ගැනීමට පුළුල් කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව ලැබෙන බව කියැවෙයි. කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව විශාල කාර්ය භාරයක් ඉටු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2011 නොවැම්බර් මාසයේ මාල දිවයිනෙහි පැවති 17 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවෙන් පසුව සාර්ක් සංවිධානයේ විදේශ ඇමතිවරුන් ප්‍රථම වරට හමුවන්නේ අමාත්‍ය මණඩලයේ මෙම 35 වැනි සැසිවාරයේදීය. මෙම වසරේ අගභාගයේදී 18 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව පවත්වනු ලබන රට මෙම සැසිවාරයේදී ඔවුන් තීරණය කරනු ඇත. සාර්ක් වැඩසටහන් කමිටුවේ සාකච්ඡා මුලින් පැවැත්වෙන අතර අමාත්‍ය මණඩලයේ මෙම 35 වැනි සැසිවාරය පෙබරවාරි 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.