2015 අ.පො.ස(සා/පෙ)විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල අද(25)දිනයේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පැවසීය. 2015 වසරේ අයදුම්කළ විෂයන් අනුව අ.පො.ස(සා/පෙ)විභාගයට අයදුම්කරුවන් 109096ක් පෙනී සිට ඇති අතර එයින් ප්රතිඵල සංශෝධනය වී ඇත්තේ අයදුම්කරුවන් 1197ක පමණි.
නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරන ලද පාසල් අයදුම්කරුවන්ගේ ප්රතිඵල අදාළ පාසල් වෙතද,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමුකරන බවද පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්රතිඵල www.doenets.lk හෝ results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවලින් ලබාගත හැකි අතර මේ සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවුවහොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ විභාග ශාඛාව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
0112785216 / 0112784037