පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන 'සහසර' ව්‍යාපෘතියේ ප්‍රථම අදියර එළැඹෙන 18 වැනිදා නුවර - කඩුගන්නාව හා නුවර - දිගන යන බස් රථ මාර්ගවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.
මේ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ පිහිටි උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේදී අද උදෑසන පැවති අතර ඒ සඳහා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අධිකාරියේ සභාපති එරික් වීරවර්ධන, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ යන මහත්වරු සහභාගි වී සිටියහ.