දැනට සහල් ආනයනයේදී අය කෙරන කිලෝ ග්‍රෑමයකට රු.20/- ක්වූ ආනයන තීරු බද්ද, 12%ක් වූ එකතු කළ අගය මත බද්ද, 5%ක් වූ වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද හා 2%ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද යන සියලු බදු ඉවත් කර, ඒ වෙනුවට 5/- ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් අද (9දා) සිට ක්‍රියාත්මක වන පරිදි අය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.
නියඟය හේතුවෙන් අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බවද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වැඩිදුටරටත් පවසයි.