විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ගැටලු සඳහා විසදුම් ලබාදීමට රජය අපොහොසත්වීම හේතුවෙන් අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කිරිමට විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.
දින දෙකක සංඛේත වැඩවර්ජනයක් මෙසේ ඔවුන් ආරම්භ කරන අතර හෙට දිනයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත පාගමනින් ගමන් කර සංදේශයක් බාරදීමටද ඔවුන් කටයුතු සූදානම් කර තිබේ.
අනිද්දා දිනයේදී විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා පවත්වන බවත් 27 වැනිදාට පෙර තම ගැටලු සඳහා පිළිතුර ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමටත් කමිටුව සූදානමින් සිටියි.