සයිප්‍රස්හි රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිකරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය, එරට කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍ය සේටා එමිල්ලෑනිඩෝ මහත්මියගෙන් ඉල්ලා සිටියාය.
විදේශ රකියා අමාත්‍යවරිය සයිප්‍රස්හි සිදුකල සංචාරයේදී එරට කම්කරු හා සුභසාධන අමාත්‍යවරිය හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත. වැටුප් වැඩිකිරීම වෙනුවෙන් අන්තර් අමාත්‍යංශ කමිටුවක් ඉදිරියේදී ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ හරහා අවම වැටුපක් තීරණය කිරීමට හැකිවන බව එරට කම්කරු හා සුභසාධන අමාත්‍යවරිය එයට පිළිතුරු ලෙස පවසා තිබේ.