සයිටම් රෝහල විකුණන බවට එම ආයතනය පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට උසස් අධ්‍යාපන හා රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පිළිතුරු ලබාදීම අද (20දා) ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, සයිටම් රෝහලේ නඩත්තුවට රජය රුපියල් මිලියන 300ක මුදලක් ගෙවන බවට මීට පෙර දැනුම් දුන් බවත්, එවැනි පසුබිමකදී රෝහල විකුණා දැමීමට පාලනාධිකාරියට හැකියාවක් තිබේද යන්න ගැටලුවක් බවත්ය.
එහිදී මොහාන් ලාල් ග්‍රේරු මහතා සඳහන් කළේ තමන්ට ඒ සඳහා පිළිතුරු ලබාදිය නොහැකි බවයි.