මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නේ නම් එම ආයතනය රාගම වෛද්‍ය පීඨය ආකාරයට උසස් පෙළින් ලබාගත් ලකුණු මට්ටම මත සිසුන් බඳවාගෙන, නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් බවට පත් කළ යුතු යැයි ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
මෙවැනි තීරණයක් ගන්නේ නම් එහි දැනට ඉගෙනුම ලබනා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගෙන් අයකරගත් මුදල් ආපසු ලබාදෙන ලෙසට අදාළ ආයතනයට නියෝග කළ යුතු බවත් එම ලිපියේ සඳහන් කළ බවද එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
ආයතන හිමිකරුවන් එම මුදල් ලබා නොදෙන්නේ නම් ආයතනය සතුව තිබෙනා දේපළ වෙන්දේසි කර හෝ එම මුදල් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවද පවසා සිටියේය. එසේ නොමැතිව ජනසතු කිරීමේ නමින් හිමිකාරිත්වය පමණක් රජයට පවරා ගනිමින් මුදලට උපාධි විකුණන ක්‍රියාවලියට හෝ අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන යෝජනාවකට එකඟ නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවූ ලිපියේ සඳහන් කළ බව ළහිරු වීරසේකර මහතා කියා සිටියේය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිදුකරන අරගල නිමා කිරීමට නම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.