නියම වශයෙන් සමෘද්ධි සහනාධාර ලැබිය යුතු පුද්ගලයන් පිළිබඳව නැවත සමීක්ෂණයක් සිදුකරමින් පවතින බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
සමාජ සුභසාධනය පිළිබඳ ජාත්‍යන්තර හා දේශිය විද්වතුන් පිරිසක් විසින් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් හරහා සහනාධාර ලැබිය යුත්තන් තෝරාගැනීම පිණිස මෙම සමීක්ෂණය සිදුකළ බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (14 දා) පන්නල දී පැවැති වැඩිහිටි ජංගම සහන වැඩසටහනකට එක්වෙමිනි.
"ස්ථිර වශයෙන්ම නව ක්‍රමය තුළ සමහර අයට සහනාධාර වැඩි වෙයි, සමහර අයට අඩුවෙයි, සමහර අයගේ සහනාධාර කැපෙයි. ඒ සියල්ල අර පුරවන පත්‍රිකාවේ තොරතුරු වලට අනුව ප්‍රවේශමෙන් සොයා බලා සිදුකරනවා" යැයි ඔහු පැවැසීය.