සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව සම්බන්ධව විශ්වවිද්‍යාල සිසුන් ගෙන යන අරගලය තමන් අතට ගෙන ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
අද (13දා) පෙරවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයන් මේ බව පැවසීය.
කැපවීමෙන් යුතුව සිසුන් මේ දක්වා ගෙන ආ අරගලය හේතුවෙන් අද මුළු රටේ අවධානයට එය පාත්‍ර වී ඇතැයි පැවසූ ඔවුන් සිසුන්ගෙන් ඉල්ලා සිටියේ අධ්‍යාපන කටයුතු හා දේශkවලට සහභාගී වන ලෙසයි.
එමගින් සිසු සටන ආපස්සට හැරවීමක් සිදු නොවන බව පැවසූ ඔවුහු මෙය ආණ්ඩුව මැදිහත්ව විසඳිය යුතු ගැටලුවක් බවද සඳහන් කළහ.