සිංහල අලුත් අවුරුදු උත්සව සැමරුම් සියයක් අහිමි වුවත් සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව කප්පාදු කිරීමට එරෙහිව ආරම්භ කර තිබෙන සත්යග්රහ ව්‍යාපාරය ඉල්ලීම් දිනාගෙන මිස නවතා නොදමන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
ජනාධිපතිවරයා කාල්ටන් නිවසට වී අලුත් අවුරුදු සිරිය විඳිමින් සිටියත් සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර හතරේ සිට වසර තුන දක්වා අඩුකිරීමට එරෙහිව රට පුරා ස්ථාන හතරක ආරම්භ කර තිබෙන සත්යග්රහ ව්‍යාපාරය අලුත් අවුරුදු දිනවල ද අඛණ්ඩව සිදුකළ බවත්, ස්ථාන හතරක පැවැත්වෙන සත්යග්රහ ව්‍යාපාරයට ඊයේ (16දා) සහ පෙරේදා (15දා) දින දෙක තුළ එක්දිනකට සිසුන් 200 කට අධික පිරිසක් සහභාගි වූ බවද එම සංගමයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා සඳහන් කළේය.
අවුරුදු නිවාඩුවෙන් පසු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමත් සමග සියලුම විශ්වවිද්‍යාල ඒකාබද්ධ කරගනිමින් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ඔහු පවසා සිටියේය.
ඡයාරූප - ඉසුරු පෙරේරා