2020 වර්ෂය වනවිට සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වෛද්‍ය පීඨයක් රත්නපුර රෝහල මූලික කරගනිම්න් ආරම්භ කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
‘‘රණසිංහ පේ‍්‍රමදාස ජානාධිපතිතුමා අක්කර 20 ක් රත්නපුර නව නගරයේ වෙන් කරලා තියනවා සබරගමු විශ්ව විද්‍යාලය සඳහා. ඒ අනුව 2020 වෙනකොට අගමැතිතුමා පොරොන්දු වූ පරිදි සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට හැකිවේවි.
නමුත් සමහරු කියනවා සබරගමු සරසවියේ තාක්ෂණ විද්‍යාපීඨය රත්නපුරයට ගෙනියන්නේ මගේ උවමනාවට කියලා. නමුත් අපි ඒ ගැන අවසන් තීරණයක් අරන් නැහැ. මෙම ගැටලූවේදී උපකුලපතිතුමා හා ශිෂ්‍ය කණ්ඩායම් අතර මත දෙකක් පවතිනවා. මම හිතනවා දෙගොල්ලනගේ අදහස් මත හොඳ තීරණයක් ගනීවි කියලා. නමුත් සමහරු හිතනවා නම් මගේ අවශ්‍යතාවයෙන් මේ කටයුත්ත සිදු වෙනවා කියලා ඒක වැරදියි’’. යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශකළාය.