එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඉතාමත් ඉක්මනින් කැඳවන ලෙස මහජන එක්සත් පෙරමුණ සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගෙන් ඉල්ලා තිබේ.
රටේ වත්මන් දේශපාලන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කථිකාචාර්ය කරුණාතිලක දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස්නාහිර හා දකුණු පළාත්සභා මැතිවරණය පිළිබඳව පසු විපරමක් හා ඉදිරි මැතිවරණ පිළිබඳව පූර්ව කතිකාවතක් සන්ධානය තුළ ගොඩනැංවීම පිළිබඳව සන්ධානයේ අවධානය යොමුකිරීම වැදගත් කරුණක් බවද මහලේකම්වරයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.