දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාව දැනුවත් කරන ජනහමු 4780 ක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කර තිබේ.
මෙම ජනහමු සියල්ලටම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ 12 ක සාමාජිකයන් සහභාගී කරවීමට නියමිතය. ජනහමු 4780 න් 4617 ක් ග්රාම සේවා වසම් මට්ටමිනුත්, ජනහමු 97 ක් පළාත් පාලන ආයතන මට්ටමිනුත්, 57 ක් මැතිවරණ කොට්ඨාස මට්ටමිනුත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව දකුණ සහ බස්නාහිර පළාත් තුළ පිහිටි දිස්ත්රික්ක 06 මූලික කරගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජනරැළි 09ක්ද පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීම් මාලාවේ පළමු රැස්වීම මාර්තු 07 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.