රටට කීර්තියක් ලබාදුන් සනත් ජයසූරිය ක්‍රීඩකයා වෙනුවෙන් නම්කර තිබෙන මාතර සනත් ජයසූරිය ක්‍රීඩාං‘ගණය ශාන්ත සර්වේශස් ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලෙස මාතර නගර සභා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.
රජයේ වියදමින් එම ක්‍රීඩාංගණය සකස්කර සනත් ජයසූරිය මහතාගේ නම යෙදුවේ රටට ගෙනදුන් කීර්තිය ගැන සලකා බලා බවත්, එහෙත් අද වනවිට ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදෙන මැරයෙකු බවට පත්ව සිටින නිසා ක්‍රීඩාංගණයට එම නම නොගැළපෙන බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා අතීතයේදී ශාන්ත සර්වේශස් විද්‍යාලයට අයත්ව තිබූ මෙම භූමිය නැවත වරක් එම විද්‍යාලයට පවරා, ක්‍රීඩාංගණයේ නම ශාන්ත සර්වේශස් ක්‍රීඩාංගණය ලෙස නම්කරන ලෙස නගර සභා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.