හංගේරියාව හරහා යුරෝපයට ඇතුළු වීමට උත්සාහ දරණ සංක්‍රමණිකයන් පාලනයට කම්බි වැටවල්වලට අමතරව, මේ වනවිට ඔවුන් සිරභාරයට ගැනීම දක්වා නීති දැඩිකර ඇති බව වාර්තා වෙයි.
සර්බියානු දේශසීමාවන්හි හංගේරියාව විසින් සිය අවසන් කම්බි වැට ප්‍රාකාරයත් මේ වනවිට ඉදිකර අවසන් කළද, මහා ජන ගංගාවක් ලෙස පැමිණෙන සංක්‍රමණිකයන් පාලනය පහසු කාර්යයක් නොවන බව ඔවුන් කියයි. ඒ අනුව, මෙම කම්බි වැට තරණය කර යමෙකු හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ කළහොත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා බව එරට රජය පවසයි.
මෙය එතරම් හොඳ තීරණයක් නොවුණත්, මේ අවස්ථාවේ ගත යුතුම තීරණයක් බව හංගේරියානු රජයේ මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව, මින් ඉදිරියට හංගේරියාවේ ස්ථාන දෙකකදී පමණක් සංක්‍රමණිකයන් ලියාපදිංචිය සිදුවන අතර, එම ලියාපදිංචියෙන් සමත්වන්නන්ට පමණක් දේශසීමා තරණය කර යුරෝපය වෙත ඇතුළු වීමට අවසර ලැබෙන බව කියයි.
විශේෂයෙන්ම මහා ජන ගංගාවක් ලෙස පැමිණි සංක්‍රමණිකයන් පාලනයද, ඔවුන් අතර සැඟව පැමිණිය හැකි IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් තෝරාබේරා ගැනීමද මෙසේ සංක්‍රමණිකයන් පාලනය කිරීමේ අරමුණ බව කියැවෙයි.