5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධිත නව කඩඉම් ලකුණු නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ලබන 17 වැනිදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ අනුව සිංහල මාධ්‍ය සඳහා ලකුණු 157ක් ලෙසත්, දෙමළ මාධ්‍ය සඳහා 152ක් ලෙසත් අවම ලකුණු සංශෝධනය වෙයි.
මේ ලකුණු අනුව පාසල්වලට තෝරා ගන්නා ලකුණු මට්ටම් 2015 ජනවාරි 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත් ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමිනි.