පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට අගෝස්තු මස 21 වැනි දින පැවැත්වෙන විභාගයට අදාළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති නම් ඒ පිළිබඳව විමසීම් කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශ පත්‍ර මේ මස 18 වැනිදා විදුහල්පතිවරුන්ට තැපැල් කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ මස 29 වැනි දින වනවිටත් විභාග අංක ඇතුළත් ප්‍රවේශ පත්‍ර නොලැබුණ පාසල් ප්‍රධානීන් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවට ඒ පිළිබඳව දැන්විය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව 011-2784208, 011-2784537, 011-3140314 දුරකථන අංකවලින් හා 1911 කෙටි දුරකථන අංකයට, 011-2784422 ෆැක්ස් අංකය අදාළ තොරතුරු ලබාදිය හැකිය.