ඉන්දීය සුපිරි නිළි ඵෙශ්චර්යා රායි ඉන්දීය නළු අභිශේක් බච්චන් සමග විවාහ ගිවිස ගැනීමෙන් තමාට ඇතිවූ මානසික ව්‍යාකූලතාව ඉන්දීය නිළිය හමුවීමට තමාට අවස්ථාවක් ලැබුණු පසු සමනය වනු ඇති බවට ඇය සමග ප්‍රේම සම්බන්ධාවක් ඇති කරගත්තේ යැයි කියන ලාංකිකයා ඔහුගේ නීතිඥවරියට දන්වා ඇති බව වාර්තාවේ.
නිරෝෂන් දේවප්‍රිය නැමැති මෙම පුද්ගලයා මේ වනවිට තායිවානයේ රැකියාවක නිරත වන අතර, ඔහුගේ නීතීඥවරිය වන ලංකා ප්‍රදීපිකා මහත්මියට තායිවානයේ සිට දුරකථන ඇමතුමක් ලබාදී මේ බව පවසා ඇති බව වාර්තාවේ.
මෙම තැනැත්තා කොළඹ වාංචා විමර්ශන ඒකකය හමුවේ පැමිණිල්ලක් ගොනුකරමින් පවසා තිබුණේ ඉන්දීය නිළියගේ විවාහ ගිවිස ගැනීම නිසා තමාට ඇතිවූ මානසික ව්‍යාකූලතාවට ඉන්දීය නිළියගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරිය හැකි බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 17 ක් වංචා කළ බවයි.
සැකකරු තමාගේ ඥාති ප්රතුයකු වන බවත්, ඔහු තමාට වූ පොරොන්දුව ඉටුනොකර මුදල් වංචා කළ බවට පැමිණිලිකර තිබුණි.
ඒ අනුව ඊයේ දින මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරු රුපියල් 20,000ක මුදල් වාරිකයක් පැමිණිලිකාර පාර්ශ්වයට ගෙවූ අතර, ඔහු මාසිකව රුපියල් ලක්ෂ 10 ක මුදලක් නැවත පැමිණිලිකරුට ගෙවීමට එකඟ විය.