ශ්‍රී ලංකාවේ මධ්‍ය නිදහස ඉතාමත් අවධානාත්මක අදියරක පවතින බව නවතම දර්ශකයකින් පෙන්වා දෙයි.
ප්‍රංශයේ සිට ක්‍රියත්මක වන ලාභ නොවන සංවිධායක් වන ‘Reporters Without Borders (RWB)’ සංවිධානය නිකුත් කළ නවතම ‘Freedom of the Press 2014’ දර්ශකය අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 165 වැනි ස්ථානයයි. මෙම දර්ශකය ගණනය කිරීමට රටවල් 180ක් යොදාගෙන තිබුණි.
දර්ශකය ගණනය කිරීම සඳහා ප්රවෘත්ති ආයතන හා මාධ්‍යවේදින්ට ඇති නිදහස සලකා බලනු ලබයි. ඒ අනුව නිදහස් මාධ්‍යක් හිමි රට වශයෙන් පින්ලන්තය නම් කර ඇති අතර අවසන් ස්ථානයේ පසුවන්නේ එරිත්රියාවයි. එංගලන්තය 33 වැනි ස්ථානයේද ඇමෙරිකාව 46 වැනි ස්ථානයේද පසුවෙයි.
සම්පූර්ණ වාර්තාව සඳහා-
https://rsf.org/index2014/data/index2014_en.pdf