ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධීව රැගෙන ගිය රත්‍රං කිලෝ 33.35ක් සොයා ගැනීමට ඉන්දීය ආදායම් බුද්ධි අංශ සමත්ව තිබේ. මෙම රන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 9.91 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 21.90 ) බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.
ආදායම් බුද්ධි අංශවලට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මත චෙන්නායිහි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම රත්‍රං බිස්කට් තොගය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ඇසුරෙනි