ශ්‍රී ලංකාවේ විරැකියාව පසුගිය වසරේ වැඩි වී ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
එම වසරේ වාර්තා ගත වූ එම ප්‍රමාණය සියයට 4.4ක් වන අතර, එය 2012 වසරට වඩා සියයට 0.4 ක ඉහළ යාමකි.
විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය 5 හා 9 යන ශ්‍රේණි දක්වා පමණක් ලැබූ අය අතර හා උසස් පෙළ හැදෑරූ අය අතර විරැකියා ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර සාමාන්‍ය පෙළ සමත් වූ අය අතර එම ප්‍රතිශතය පහළ ගොස් ඇත.
කෙසේ නමුත් උසස් පෙළ හෝ ඊට අදාළ අධ්‍යාපනය ලැබූ අය අතර විරැකියාව වැඩිවීම බරපතළ කරුණක් බව මහ බැංකුව සිය 2013 වාර්තාවෙන් පෙන්වා දෙයි.
ඒ සඳහා මෙරට උසස් අධ්‍යාපනය නූතන ශ්‍රම වෙළෙඳ පොළට සරිලන ලෙස වෙනස් කර යුතු බවද එම වාර්තාව පෙන්වා දෙයි.