දෙහිවල සත්තුවත්තේ සිටින ඇනකොන්ඩාවන් 7 දෙනෙක් ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කර ඇති බව හින්දු පුවත් සේවය සඳහන් කරයි. පරිත්‍යාග කරනු ලැබූ ඇනකොන්ඩාවන් අනිද්දා දිනයේදී ගුවන් මගින් ඉන්දියාවට රැගෙනයාමට නියමිතය.
මෙම ඇනකොන්ඩාවන් හත් දෙනා එක් පිරිමි සතෙකුගෙන් හා ගැහැනු සතුන් 6 දෙනෙකුගෙන් සමන්විතවෙයි.
ශ්‍රී ලංකා රජයේ සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙලෙස ඇනකොන්ඩාවන් ඉන්දියාවට ලබා දී තිබේ.
ඡායාරූපය හින්දු පුවත් ඇසුරෙනි