සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර මීර්පූර්හිදී අද (30දා) අවසන් වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 248 ක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම දැන් සමත්විය.
අද දිනය ආරම්භ කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් රැස්කරගෙන සිටි අතර, බිඳවැටුණු සෙසු කඩුලු 09 ලකුණු 215 ක් ඇතුළත දවාගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්රි ලංකාව හා බංග්ලාදේශ අතර 13 වසරක ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ, දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 15 ක් පවත්වා ඇති අතර, මෙම පරාජය ඔවුන් ශ්රී ලංකාව හමුවේ ලැබූ 14 වැනි ටෙස්ට් පරාජය විය. එක් තරගයක් පමණක් ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත.