චීනය විසින් ආරම්භ කළ ආසියානු යටතල පහසුකම් හා ආයෝජනය සඳහාවන බැංකුවේ කොටස්කරුවෙකු බවට පත්වන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24දා) සිදුකළ අයවැය කතාවේදී පැවැසීය.
චීනය ඇතුළුව මෙම බැංකුව සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, කුවේටය, ලාඹ්සය, මැලේසියාව, මොංගෝලියාව, තායිලන්තය, සිංගප්පූරුව, කටාර් ඇතුලු රටවල් 21ක් ඇතුළත් වෙයි.
ඇමෙරිකාවේ පිහිටා ඇති ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස මෙම බැංකුව ස්ථාපිත කොට තිබේ.
කෙසේවෙතත් ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව හා ඉන්දුනිසියාව මෙහි කොටස්කරුවෙකු බවට පත්ව නොමැත.