සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයකර ඩකාහිදී අද (20දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව සිවු වසරකට පසුව ශ්රී ලංකාව මව්බිමෙන් පිටතදී ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්රහණයද වාර්තා කිරීමට මෙම තරගාවලි ජයත් සමගින් ශ්රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 43 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 228 ක් පමණි.
වැඩි විස්තර ක්රීඩා පිටුවේ පළවෙයි.