නිති විරෝධී අයුරින් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කළ තවත් ශ්රී ලංකා ධීවරයින් 11ක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ධීවරයින් පිරිස ධීවර යාත්රා දෙකකින් ඉන්දීය වෙරළේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම ඔවුන් සන්තකයේ තිබූ මාළු මෙට්රික් ටොන් 2ක් පමණ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් ධීවරයින් අද (11දා) බන්ධනාගාර ගත කරනු ඇති බව ‘ද හින්දු’ පුවත් සේවය පැවැසුවේය.