පාකිස්තානයේ අයි.එස්.අයි. සංවිධානයේ ආධාරකරුවෙකු බව කියන ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයා දින තුනක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉන්දීය අධිකරණය නියෝග කර තිබේ.
සකීර් හුසේන් නැමැති මෙම සැකකරු ඉන්දීය මධ්‍යම බුද්ධි අංශ විමර්ශන ඒකකය හා තමිල්නාඩු පොලීසිය විසින් කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී පසුගිය 29 වැනිදා අත්අඩංගුවට පත්විය.
සැකකරු ඊයේ (05දා) උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.