ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ඒ 330 වර්ගයේ ගුවන් යානා හතරක් කුලී පදනම මත ලබාගැනීම පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය මේ වන විටත් ශ්‍රී ලංකාව හා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ගුවන් යානා කුලී පදනම මත ලබාගැනීමේදී එහි කාර්ය මණ්ඩලයේ සේවය ලබාගැනීමටද පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය පාකිස්තාන ගුවන් සේවය හා ඒකාබද්ධ වීමෙන් පසුව එය එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රධාන කර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතය.
අගෝස්තු 14 දා පටන් මෙම ගුවන් යානා පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය හා එක්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විසින් සකස්කරමින් සිටියි.