ශ්රී පාද මළුව වටා අලුතින් ඉදිකරනු ලැබූ නව රන්වැට විවෘත කිරීම එළඹෙන මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී (16 දා) සිදුකරන බව ශ්රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ. මේ හා සමගාමීව ශ්රී පාද මළුවේදී විශේෂ පිංකම් රාශියක් එදිනට සිදුකිරීමට නියමිතය.
මෙම පිංකම් සඳහා සහභාගීවීමට පැමිණෙන වන්දනාකරුවන් සඳහා කොළඹ කොටුවේ සිට හැටන් දක්වා විශේෂ දුම්රිය කිහිපයක් මෙන්ම හැටන් සිට නල්ලතන්නිය දක්වා දුම්රිය - ලංගම ඒකාබද්ධ බස් සේවාවක්ද ක්රියාත්මක කිරීමට නියමිතය.
හැටන් රංජිත් රාජපක්ෂ