වේයන්ගොඩ උකුලුවල ඔයේ දියනෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද, වේයන්ගොඩ ග්‍රීන් පැරඩයිස් ළමා උද්‍යානයේ පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි ළමයෙකුද දියේ ගිලී ජීවිතක්ෂමට පත්ව ඇතැයි පොලීසිය කියය.
ඊයේ (07දා) මෙම අනතුරු සිදුව තිබේ. උකුලුවල ඔයේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනාගෙන් මල්ලි දියේ ගිලී යන විට ඔහු බේරා ගැනීමට ගොස් අයියාද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. තුෂාර කවිඳු (20), දහම් ජයඳු (15) යන සහෝදරයන් දෙදෙනා මෙන්ම ඉනූෂ අශාන් (09) යන අය මෙම අනතුරු වලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.