මෙම සතිය තුළ ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා සතියේ ඊයේ 23 දිනය තුළ සිදුකළ වැටලීම් වලින් සොයාගත් භාවිතයට නුසුදුසු ආහාර වර්ග 4021 ක් විනාශட்ட කරර, වෙළෙද සැල් 156 කට නඩු පවරා, වර්ණ සංකේත නොමැති බීම බෝතල් 4287 ක් අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දින පරීක්ෂා කළ වෙළෙද සැල්, හෝටල්, දුරගමන් සේවා බස් රථ නවත්වන ආපනශාලා සංඛ්‍යාව 3921 ක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. මෙහිදී කළ වැටලීම් සංඛ්‍යාව 158 කි. එහිදී විශේෂයෙන්ම දුරගමන් බස්රථ නවත්වන වෙළෙද සැල් 52 ක් ඊයේ දින පරික්ෂාවට ලක්කර ඇත.