පුරවැසි භාවය ලබා ගැනම හා වීසා ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන අයඳුම්පත් හා වෙනත් ලිපිලේඛණ ස්කෑන් කිරීමට හා ඉ-ලේඛණගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම, විදේශවල ඉපඳුන දරුවන්ගේ උපත් ලියාපදිංචි කිරීම හා විසා ලබා ගැනීම සඳහා අයඳුම්පත්‍ර විශාල සංඛ්‍යාවක් ලැබෙන බැවින් එම අයඳුම්පත් හා ලේඛණ විද්‍යුත් ලේඛණ මාධ්‍යට පරිවර්තනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී ඇත. මේ මගින් වීසා හා පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් හා පහසු කිරීම රජයේ අපේක්ෂාවයි.