පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2014 මහ කන්නයේ වී මිලදී ගැනීම අද (01දා) සිට ආරම්භ කෙරෙන බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කරයි.
මේ යටතේ දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 50ක මිලදී ගැනීම් ආරම්භ කිරීමට නියමිත බවත්, මෙවර මහ කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 40,000ක් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවත් පැවසෙයි.
ඒ අනුව, සම්බා වී කිලෝවක් රු.35/- ක සහතික මිලකටද, නාඩු වී කිලෝවක් රු.32/- කටද මිලදී ගැනීමට නියමිත බව වී අලෙවි මණ්ඩලය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.