කොළඹ වරාය පුරවරය (Colombo Port City) වැනි විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට ඒ පිළිබඳ සියලු තොරතුරු ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනගත යුතු යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ ව්‍යාපෘතියට අදාළව ඉදිරිපත් කළ කරුණුවලින් තම වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා භාරදී තිබූ වරප්‍රසාද ප්රශ්නය පිළිබඳ සිය තීරණය දැනුම් දෙමින් ඊයේ (05දා) එසේ සඳහන් කළ කතානායකවරයා ජනතාවට දැනගැනීමට මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව කීය.
කොළඹ වරාය පුරවරය ඉදිකිරීමේ ටෙන්ඩරය පිළිබඳව ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂ නායකවරයා පසුගිය පෙබරවාරි 05 වැනිදා නැගූ ප්‍රශ්නයට අගමැතිවරයා හා සභානායකවරයා ලබාදුන් පිළිතුරු අසත්‍ය හෙයින් තම වරප්‍රසාද කඩවුණ බව සඳහන් කරමින් විපක්ෂනායක වික්‍රමසිංහ මහතා වරප්‍රසාද ප්රශ්නය ඉදිරිපත් කර තිබිණි. මේ පිළිතුරු දෙකට කරුණු සැපයූ නිලධාරීන් මෙයට වගකිව යුතු බවත්, මෙය සභාව නොමඟ යැවීමක් නිසා ඒ ගැන ක්‍රියාත්මක විය යුතු බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඇසූ ප්‍රශ්නයට විපක්ෂ නායකවරයා පිළිතුරු භාර ගත් බවත්, ප්‍රශ්නයට සවිස්තර පිළිතුරු ලබාදීමට කාලය අවශ්‍ය බවත් මේ අවස්ථාවේ දී ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.