විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට බහුතරයක් සිටින බවට විශ්වාස බවත්, විශ්වාසභංගය ජයග්‍රහණය හෝ පරාජය වීම තීරණය කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නුවරඑළියේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම තමයි දැන් උදව් කරන්නේ. මොකද මේක ජනාධිපතිතුමා අතේ තියෙන්නේ. අපේ වැඩේ ඉවරයි. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් මේක දිනවන්තත් පුළුවන්, පරදවන්නත් පුළුවන්”.