අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 07ක් සහ 58ක් අතර ගණනකින් ජයග්‍රහණය කෙරෙනු ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ අවධාරණය කරති.
බොරුල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී සිය පක්ෂ නායකවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝඊයේ (02දා) සඳහන් කර සිටියේ ජයග්‍රහණය කරනු ලබන අදාළ වැඩි ඡන්ද ප්‍රමාණය මේ වනවිට තමන් වෙත වාර්තා වී ඇති අතර, රට පාලනයේ සුක්කානම හැසිරවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.
තම නායකයාට ආදරය කරන සහ මුදලට කෑදර මන්ත්‍රීවරුන් හැර එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත්, ඒ අනුව, 04 වැනිදා පැය 12ක් බැනුම් අසා පැරදී ගෙදර යන්නේද නැතිනම් නම්බු පිට ඉල්ලා අස්වන්නේද යන විකල්පය පමණක් අග්‍රාමාත්‍යවරයාට ඉතිරිව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය එහිදී සඳහන් කළේය.