අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ විවාදය පැවැත්වෙන අප්‍රේල් 04 දා රාත්‍රී 9.00ට එහි ඡන්ද විමසීම පැවැත්විමට නියමිත බව නියොජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (27දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නොමැතිවුවහොත් ඔහුට ක්ෂණිකව ඉල්ලා අස්වීමට සිදුවන බවත් එම තත්ත්වය තුළ බහුතර කැමැත්ත තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ට පත්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.