පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා ජල මූලාශ්රවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ යමින් තිබෙන බවත්, මේ නිසා නළජලය භාවිත කරන සියලුම දෙනා ජලය අත්‍යවශ්‍යම කටයුතුවලට පමණක් යොදාගන්නා ලෙස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින තත්ත්වය හමුවේ අඛණ්ඩව නළජලය සපයන්නේ ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් බවත්, දිගින් දිගටම මෙම කාලගුණ තත්ත්වය පැවැතියහොත් ඉදිරියේදී ජල සැපයුම සීමාකිරීමට පවා සිදුවන බවද එම අමාත්‍යාංශයේ ලේකම් අමරානන්ද අබේගුණසේකර මහතා 'අද' ට පවසා සිටියේය.
මේ නිසා, ආහාර පිසීම, පානය කිරීම ඇතුළුව අත්‍යවශ්‍යම කටයුතු සඳහා නළජලය භාවිත කරන ලෙසත්, පවතින කාලගුණ තත්ත්වය වෙනස්වන තුරු වාහන සේදීම, මල් පැළවලට වතුර දැමීම වැනි විවිධ හේතු මූලික කර ගනිමින් සිදුකරන භූමියට ජලය විසිරීම සීමාකරන ලෙසටද ඔහු ඉල්ලා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ/ ෂේන් සෙනෙවිරත්න