පවත්නා වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් මාර්තු 25 දා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර කොටසේ මෙම වෙනස අපේක්ෂා කරන බව අද (23දා) දහවල් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ වන තෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බවත්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.