උසස් පෙළ විභාගය පැවැත්වෙන ශාලා තුළ සිදුවන වංචනික ක්රියා සහ අයදුම්කරුවන් සිදුකරන වංචනික ක්රියා,ඒවා දැනුම්දීම සඳහා ප්රකාශයට පත් කර තිබෙන දුරකථන අංකවලට අමතරව commissionerdoe.gmail.com ඊ-මේල් ලිපිනයටද ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි.
මෙම ඊ-මේල් ලිපිනයට ලැබෙන පැමිණිලි පැය 24 පුරාම නිරීක්ෂණයට ලක්කර අදාළ ක්රියාමාර්ග ගන්නා බවත්, මීට අමතරව 1911, 0112784208, 0112784537 සහ 119, 0112421111 අංක ඔස්සේ පැමිණිලි කළ හැකි බවත් විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මෙම ඊ-මේල් ලිපිනය ඔස්සේ සහ දුරකථන අංක ඔස්සේ විභාග අපේක්ෂකයන්ට, ශලාධිපතිවරයාට හා නිරීක්ෂකයන්ට අමතරව දෙමාපියන්ටද පැමිණිලි කළ හැකි බවද ඔහු පවසා සිටියේය.
පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෙම ඊ-මේල් ලිපිනය හඳුන්වාදුන් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.