කුඩු, කොමිස්වලින් යැපෙන රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමට සිංහල, හින්දු අලුත් අවුරුද්ද සමරා සියලු දෙනාම පෙළගැසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
රාජපක්ෂ රෙජීමයේ පැවැත්ම රඳා පවතින්නේ කුඩු සහ කොමිස් මුදල්වලින් බවත්, මේ නිසා රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමට හැකිවුවහොත් රටට විනකරන කුඩු සහ කොමිස් මුදල් නවතා දැමිය හැකි බවද විපක්ෂනායකවරයා පවසා සිටියේය.
විපක්ෂයේ විරෝධය සංවිධානය සමගි බලවේගය ඇතුළු බහුජන සංවිධාන, සිවිල් සංවිධාන විසින් සංවිධානය කර තිබූ ‘රාජපක්ෂ පාලනයෙන් රට බේරාගැනීමට ජනතාව පෙළගැස්වීමේ විරෝධතා ව්‍යාපාරය’ට සහභාගීවෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත නාහිමියන් සහ එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් ඇතුළු මහ සංඝරත්නය සහභාගී වී සිටියහ.
මීට අමතරව මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය ඇතුළුව වෘත්තීය සමිති නායකයන්, බහුජන සංවිධාන නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
.
ජායාරූප- ක්‍රිෂාන් රණසිංහ/ ශමීර රාජපක්ෂ