විදේශ රැකියා ඒජන්සි ලියාපදිංචි කිරීමේදී අයකර ගන්නා ආරක්ෂක තැන්පතුව රුපියල් ලක්ෂ විස්ස (රු. ලක්ෂ 20) දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. මෙය දැනට රුපියල් හත් ලක්ෂ පනස් දහසකි. (රු.750,000.00) වේ.
තැන්පතුව දෙවසරකට වලංගු වන අතර, එය නැවත දීර්ඝ කර ගත යුතු බවත් තැන්පතුව රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීමට පියවර ගනු ලබන්නේ විගමණික ශ්‍රමිකයින්ගේ යහපත උදෙසා බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
විදේශ රැකියා ඒජන්සි ආයතන 3082ක් ලියාපදිංචි වී ඇති බවත් ඉන් කි‍්‍රයාත්මක තත්වයේ 900ක් පමණ තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.