ඇපමත මුදාහැර සිටින කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට විමසුමට ලක්කරමින් සිටින බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පී.ඩී.එම්. සිරිසේන මහතා පැවසීය.
සමන් ඉන්ද්‍රරත්න මහතා සැකපිට අත්අඩංගුවට ගැනීමට හේතු කාරණා සඳහන් ලිපියක් අද (20දා) සවස ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් තමන් වෙත ලැබුණු බවත්, එහි සඳහන් කරුණුවලට අනුව ඉන්ද්‍රරත්න මහතා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින බවත් ඒ මහතා පැවසීය.