විදුලි පරිභෝගිකයන්ට රතු නිවේදනයෙන් යුතු විදුලි බිල්පත නිකුත් කිරීමෙන් අනතුරුව, විදුලිය විසන්ධි කිරීමට පෙර ජංගම දුරකතන හරහා SMS පණිවුඩයක් මාර්ගයෙන් බිල්පත් පියවීම සිහිකැඳවීමේ නව ක්රමවේදයක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්රී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, ඊට අදාළ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා දුරකතන සමාගම් සමග විදුලිබල මණ්ඩලය මේ වනවිට සාකච්ඡා කටයුතු ආරම්භ කොට ඇති බවද පැවසෙයි.
ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ගේ දුරකතන අංකයන් එකතුකිරීමේ කටයුතුද ආරම්භ කිරීමට නියමිතව ඇති බව විදුලිබල මණ්ඩලය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.