ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සහ 1988-89 වසරවලදී ජීවිතය පූජා කළ එම පක්ෂයේ සාමාජිකයන් සමරා පවත්වන 26 වැනි මහවිරු සැමරුම් දෙකක් හෙට (13දා) පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ යටතේ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉල්මහවිරු සැමරුම පවත්වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී ඉල්මහා විරු සැමරුම පවත්වනු ලබයි. අද (12දා) සවස සෝමවංශ අමරසිංහ මහතා නායකත්වය දරන ජනතා සේවක පක්ෂය විසින් 26 වැනි ඉල්මහා විරු සැමරුමක් පැවැත්වීමටද නියමිතය.